අපි පරිසරයට ආදරය කරමු

වර්තමානයේ බොහෝ ජනාකීර්ණ වූ දෙහිවල අත්තිඩිය පුරවරය මැදිකොට ලස්සණ වෙල්යාය වල් මැද සුන්දර පුංචි ගමක උපත ලද මම බහ තෝරන කල සිටම දුටුවේ පරිසරයේ ස්වාභාවික චමත්කාරය. අහන්න ලැබුනේ වෙල්යාය මැද පිහිටා තිබුන වැව ඉස්මත්තේ රංචු ගැසී සැරිසරණ කුරුල්ලන්ගේ ගීතවත් හඩ. අවට පරිසරය තවත් සුන්දර කරමින් වැවේ පිපී තිබුන ඕලූ නෙලූම් මල් ස්වභාවධර්මය ගැන ඇති කලේ චමත්කාර ජනක හැගීමක්. නුදුරින් පිහිටා තිබුන ගමේ පන්සලේ සෑම දිනකම හවසට ඇහෙන ඝාන්ඨාර නාදයත් පිංකම් කාලවල නිතරම අහන්න ලැබුන තුන් සරණේ කවි ගායනයන් සිතට දැනුනේ භක්තියක්.

පිටරටක ජීවත් වුවත් මෙවැනි පරිසරයක හැදී වැඞී රටට ස්වාභාවික පරිසරයට ආදරය කරන මට වර්තමානයේ අහන දේවල් නිසා දැනෙන වේදනාව අපමණයි. විදෙස්ගතව සිටියත් මා මෙන් ම බොහෝ පිරිස් මව්බිමට ආදරෙයි. ඈත අතිතයේ අපේ මුතුන් මිත්තන් මෙන්ම ඔවුන්ගෙන් බිහිවුන පරපුර ගස් කොළන් වලට වන සතුන්ට පමණක් නෙවේ මනුස්සකමටත් බොහෝ සේ ගරු කලා. ඔවුන් ඉහලට ඉගෙන ගත් බුද්ධිමත් පරපුරක් නොවූවත් පරිසරය හා බැදුනු දැනුමෙනුත් ජීවන අත්දැකීම් තුලිනුත් මනා පෝෂණයක්ලද තීක්ෂණ ඥානයක් ලත් පිරිසක්. ඒ නිසා තමන්ට උරුම වූ ස්වාභාවික සම්පත් රැක ගැනීමට වෙහෙසුනා. තම රටේ දේ සුරකින්න පෙලඹුනා. ඒවාට බොහෝ සේ ආදරය කලා. අපේ රට යටත් විජිතයක්ව පැවති සමයේත් රට බේරා ගැනීමට පෙරමුණ ගත්තෙත් මේ අතරින් බිහි වූ පිරිස්මයි. ඊට පසු බිහි වූ පරපුරවල් විවෘත ආර්ථිකයත් සමග නව චින්තනයන් තුලින් වෙනම ම මනසකින් සමාජය දකින්න ගත් උත්සාහය නිසා ඒ පසුපස වටිනා සම්පත් වගේම පොතපතට ආදරය කරන පිරිස් වෙනස්ම සිතිවිලි රාමුවකට කොටුවීමේ විපාක අත්දකින්න ලැබුනා. එහි විපාක ලෙස වර්තමානයේ අපට ස්වාභාවිකව ලැබුන අපේ උරුමයන් අහිමි වන තත්වයක් තුල අතරමන්ව සිටින තත්වයකට පත්වී ඇත්තේ තමන්ගේ දේ රැක ගන්නවාට වඩා මුදල් පසුපස දුවන එකිනෙකා පරයමින් ඉහලට යන තත්වයට පත් වීමෙන් ආත්මාර්ථය මුල් කරගත් පිරිසක් බිහිවීමෙන්. මේ නිසා අද වන විට රටේ ඉහල නිලධාරින් තමන්ගේ පෞද්ගලික අරමුණු මුල් කරගෙන රටේ සම්පත් විනාස කිරීමට තැත් කරනවා.

වනාන්තර එලි කරනවා සමහරු හොරෙන් ගස් කපනවා. මේවාගේ අරමුණ වන්නේ පෞද්ගලික වාසි ලබා ගැනීම. මේකට හේතුවක් වන්නේ උගතුන් බිහිවන්නේ පොතේ දැනුමන් පමණක් වීම හා නිදහස් මනසකින් අනාගතය දෙස බැලීමට විශේෂයෙන්ම තම රටේ දේ අගයන්න රැකගන්න කුඩා කල සිටම එහි වටිනාකම තුලින් රටට දැයට ආදරය කිරීමට හුරුවක් ලමා වයසේ සිටම නොලැබීමයි.

අනාගතයේ බිහිවන මතු පරපුර රටේ අනාගතය බාර ගන්නේ ආත්මාර්තය මුල්කරගන මිසක රටට වැඩක් කරන චේතනාවෙන් නොවන බව පැහැදිලිවම පෙනෙන කරුණක්. කඩොලාන කපා විනාස කරන්න හදන ඔක්සිජන් ගැන නොදන්න පිරිසක් වෙසෙන රටක අනාගතය කෙබදු තත්වයකට පතවේවිද යන්න ගැටලූකාරී තත්වයක්. අතීතයේ අපේ ගුරු භවතුන් අප දෙමව්පියන් වැනියි. එකල තම දරුවන් දෙමව්පියන්ට අකීකරු වූ අවස්ථා වලදීත් යහ මගට ගත්තේ ගුරුවරුන්. අදත් එවන් ගුරුවරුන් සිටිනවා. නමුත් ගුරුවරයෙකුට දරුවෙක්ව යහ මගට ගන්න පුලූවන් කමක් අද සමාජයට නැත්තේ පසුදාට පොලූ අරගෙන පාසලට එන පියවරු නිසා. නැතිනම් ස්ථාන මාරුවකින් දුෂ්කර පලාතකට මාරු කරන නිසා.

මට මතකයි බොහෝ කලකට පෙර මම කියවපු මා පයට තණ නිල්ල කියන අනර්ඝ කෞතිය. මෙය අදටත් මගේ පුංචි පුස්ථකාලයේ සුරැකිව තබාගෙන රකින පොතක්.

1931 වසරේදී GRASS FOR MY FEET නමින් මුලින්ම පලවී පසු කලකදී එනම් 1970 වසරේදී නිව්ටන් ජයසේන මහතා විසින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද මේ පොතෙන් කියවෙන්නේ ගාල්ල ඌරල කියන සුන්දර ගමේ 1902 උපත ලද තම රටට විශාල කීර්තියක් ගෙන දුන් ජිනදාස වීරතුංග කියන මෙම මහතාගේ ලමා අවදියයි. ඈත අතීතයේ සොදුරු මතකයන් අවදි කරමින් ලයාන් විත ආකාරයෙන් සිත් ඇදගන්නා ආකාරයට වචන වලට පෙරලමින් තම ලමා කාලය ගතකල අන්දම විස්තර කරන මේ කෘතිය එකල සමාජ පසුබිම හා ස්වාභාවික පරිසරය අවට කැලෑවන් හා ගස් කොළන් , ගංගා ඇල දොලවල් යස අපූරුවට විස්තර කරනවා. එම කාලවකවානුව තුල දෙමව්පිය දරුවන් අතර මෙන්ම නැදෑ හිත මිතුරන් අසල්වාසීන් අතර එකමුතුකම හා සරල ගතිපැවතුම් විස්තර කරන බොහෝම වටින පොතක් ලෙස මම මේ පොත හා බැදීසිටිනවා. මෙවන් පොත් දරුවන්ට කියවන්න ලැබෙනවා නම් එම දරුවාගේ මනසේ ඇදෙන මේ චිත්ත රූප මනසින් වැඞී වැඩහිටි මිනිසකුගේ තත්වයට එනවිට රටට ආදරය කරන්න වනාන්තර සුරකින්න රටේ දේ රැකගෙන රටට අවංකවම සේවය කරන්න කැපවෙනවා. අවාසනාවකට අද දරුවො කෙසේ වෙතත් වැඩිහිටි පිරිස්වත් මෙවන් පොත් කියවල තිබේ නම් අතීතයේ සිදු වූ බොහෝ වැරදි නිවැරදි වී පරිසරයට වන හානි කර දේවල් අවම කර ගුණගරුක පිරිස් බිහි වෙන්න තිබුන. ඊලගට මගේ මතකයට එන්නේ ලෙටිෂියා බොතේජු මහත්මියගේ මට මතකයි යන නවකතා කෞතිය. එය මට කියවීමට ලැබුනේ බොහෝ කලකට පෙර නවකතා කියවීමට පටන් ගත් අලුතමයි. මෙය මම කියවන විට මට දැනුන සමීප බව නිසාම මට හිතුනේ මේ මගේම කතාවද කියලයි වෙල්යායවල් අවුරුදු කෙලි සෙල්ලම් මැදිකරගත් පවුලේ කතාවක් වන මෙහි අන්තර්ගතයට මම අදටත් ඇලූම්ක රනවා. කුඞාකල සිටම දරුවන් පාසල් වලට අමතරව දහම් පාසල් කරා යොමු කරනවා නම් දහම් දැනුමෙන් වැඩිහිටියන්ට ගරු කරන පිරිස් සමාජයට බිහිවෙනවා. පරිසරයට සතුන්ට ගහකොල වලට ආදරය කරන පිරිස් සමාජයට බිහි වීමෙන් තම රටට ආදරය කරන මානව දයාවෙන් පොහොසත්ම මිනිස් පරපුරක් බිහි වෙනවා. සමහර පිරිස් සෙල්ලම් පිට්ටනි හදන්න මිනිස් ජීවය බදු ගස් කපන්නත් පෞද්ගලික හේතු නිසා පරිසරයට හානි කරන සිදුවීම් කිරීමට සැරසෙන්නේ අවසර නොලද තැන රණ්ඩු කරන්න පෙළඹෙන්නේ එම සම්පත් වලට මිලක් නියම කල නොහැකි තරමට වටින අනර්ඝ වසතූන් බව නොදන්න නිසා ද කියන පැනයක් පැන නගින්නේ මේ තරම් මිනිසුන් ආත්මාර්ථකාමී වන්නේ කෙසේද යන කරුණත් සමගයි.

අතීතයේදී රට ජාතිය ආගම බේරා ගැනීම උදෙසා හා රටේ සම්පත් රැකගන්න රටට ආදරය කරන නිර්භීත පුරවැසියෝ එක් නායකයකූ යටතේ රැස් වී නොබියව පෙරමුනට ආවේ එකමුතුකම නිසයි.

වර්තමානයේ අප මිනිසුන්ගේ එකමුතුකම නොමැතිකම හා බල ලෝභිකම නිසා අප රටේ මිනිසුන් පමණක් නොවේ සතුන් පවා අසරණ තත්වයට පත් වී සිටිනවා.

දමයන්තිගේ මතක සටහන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

More Posts

Popular Categories

Latest Posts

169675379_10225061704438614_2916904755295385553_n (1)
ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්
Screen Shot 2023-05-26 at 13.27
බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ...
Beethowan 1 (1)
හඬ නොඇසෙන මහා සංගීතවේදියා
Mix friut &baked merignue in Pineapple busket (1)
ඔබේ නිවසේ විශේෂ අවස්ථා සඳහා සරල අතුරුපසක්! - සූප විනෝදය

Contact Details

Social Media

Send us your ideas

© 2022 All rights reserved by Sannasa Media Group

Tell Us Your Idea About Sannasa