රට වැසියෝ තම නායකයෙක් පත් කර ගැනීමෙන් බලාපොරොත්තු වන කරුණු බොහෝය. ඒ අතරින් රටේ දියුණුව, රටවැසියාගේ ආරක්ෂාව, සාධාරණත්වය, සමානත්වතාවය, තම දු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය ප්‍රධාන තැනක් ගනී. රට දියුණු වන්නේ නම් රටවැසියාගේ ජීවිතයද ආර්ථිකයද උසස් මට්ටමකට ළඟාවේ. ආරක්ෂාව පවතී නම් එතුළින් නිදහස ද ලැබේ. නිදහසට හැමෝම ප්‍රිය කරති. සියළු මිනිසුන් ගෞරවය අපේක්ෂා කරයි. එය ලැබෙන්නේ සමානත්වතාව තුළිනි. රටක නීතිය කොට්ඨාශ දෙකකට දෙවිදියකට ක්‍රියාත්මක වේ නම් එතැන සමානාත්වතාවක් කොයින්ද?දෙමාපියන්ගේ බලාපොරොත්තුව තම දු දරුවන්ගේ යහපත් අනාගතයයි.ශ්‍රී ලංකාවේ දෙමාපියන්ට එය අපේක්ෂා කල හැකිද?

රටක දියුණුවේ පළමුවැනි තැන ගන්නේ නිවැරදි එමෙන්ම යහපත් ආර්ථික හා මුල්‍ය කළමනාකරණයයි.අනාගතය ගැන පෙර දැක්මක් ඇති අමාත්‍ය මණ්ඩලයක් පාලන තන්ත්‍රයේ සිටිය යුත්තේ එහෙයිනි.වර්තමානයේ කෙරෙන්නේ රටට හැම අතින්ම විශාල ලෙස පාඩු ගෙනෙන ක්‍රියාවලියන්ය.තත්ත්ව පරීක්ෂණයකට පෙර ගෙන්වා ගත් පොහොර නැව ඉන් එකකි.ඩොලර් මිලියන පනහක් පමණ ඉන් රටට අහිමි විය.වරෙක අනාගතයේ තෙල් මිළ පහත වැටෙන බව දැන දැනම හෙජින් ගිවිසුම අත්සන් කොට මහජන මුදල් විශාල ප්‍රමාණයක් කාබාසිනියා කළේය.තීන්දු තීරණ ගැනීමේදී දුර දිග හිතා බලා වැඩ කළහැකි පාලක මණ්ඩලයක් අපට නැත.නොඑසේ නම් තමන්ගේම වාසිය පමණක් ගැන හිතා රට ගැන නොහිතා ඔවුන් තීන්දු තීරණ ගන්නා බවක් පෙනේ.රටේ මුල්‍ය කළමනාකරණයේ දුර්වල බවක් පෙනෙන්නට තිබෙනවා නොව රටේ එවැන්නක් ඇති බවක් පෙනෙන්නට නැත.

මුදල් ඇමතිවරයෙකු නිතරම ලෝකයේ ආර්ථික තත්වය කෙරේ දැඩි විමසිල්ලෙන් සිටින පුද්ගලයෙකු විය යුතුය.අපට එවැන්නෙක් සිටීද? ලෝකයේ තෙල් මිල ඉතා පහලට වැටුන අවස්ථාවේ තෙල් තොග රැස් කිරීමට මව්රටේ පාලකයින්ට උනන්දුවක් නොතිබුණි.ලෝකයේ සමහරක් රටවල් තෙල් රැස්කර ගනිද්දී අපේ අය කොමිස් මුදලක් ලබාගත හැකි ක්‍රම ගැන සිහින දකිමින් සිටියහ.
1980 ගණන් වල ඇතිවූ මෙම සිදුවීම ගැන විමසා බලමු. රොනී දමෙල් මහතා ජාත්‍යයන්තර තත්වයන් ගැන දැඩි විමසිල්ලෙන් සිටි ඇමතිවරයෙකි.ඔහු නිතරම ජාත්‍යන්තර සඟරාවල් කියවන්නේ එහෙයිනි. වතාවක ඔහුගේ නෙත ගැටෙන්නේ සෝවියට් දේශයට අයිති යුක්රේනයේ දැඩි වියලි කාල ගුණය හේතුවෙන් ඔවුන්ගේ තිරිඟු අස්වැන්න හානිවී ඇති බවයි.මේ හේතුවෙන් ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල් වලින් තිරිඟු මිළදී ගැනීමට කටයුතු කරනු ඇතැයි රොනී ද මෙල් කල්පනා කළේය. එබැවින් ළඟදීම ලෝකයේ තිරිඟු මිල සීග්‍ර ලෙස ඉහල යනු ඇති බවට ඔහු මහා බැංකු අධිපතිවරයා සමඟ කීවේය.දෙදෙනාම එකතුව එවකට වෙළඳ ඇමති ලලිත් ඇතුලත්මුදලි හරහා තිරිඟු තොග රැස් කිරීමට කටයුතු කළේය.ඉන් නොනැවතුන රොනී දමෙල් ඩොලර් ගැන එතරම් තැකීමක් නැති රුසියාව තිරිඟු මිළයට ගැනීමට අවශ්‍ය ඩොලර් සපයාගැනීමට වහාම ඔවුන්ගේ රන් සංචිත විශාල ප්‍රමාණයක් ලෝකය වෙත නිකුත් කරනු ඇතැයි අනුමාන කළේය. මේ ගැන වහා ක්‍රියාත්මක වූ රොනීද මෙල් රන් මිළ අඩුවීමට පෙර ලංකාවේ ඇති රන් සංචිත වෙළඳපලට දමා ඩොලර් සපයා ගත්තේය.සිතු පරිදිම රුසියාවේ රන්, වෙළඳ පලට විකිණීම නිසා ලෝකයේ රන් මිළ පහත වැටිණ. කළින් වැඩිමිලට විකුණු රන් වලින් ගත් ඩොලර් වලින් වෙළඳපලින් අඩුමිලට රන් මිළයට ගෙන රටේ රන් සංචිත ඉහල නැංවීමට ඇමතිවරයෙක් කටයුතු කලේ එලෙසිනි.මෙලෙස තර්කානුකුලව කල්පනා කොට ආර්ථිකය හැසිරවිය හැකි ඇමතිවරයෙක් අද අප රටේ සිටීද? ජනතාව 225 ම පලයව් කියන්නේ එහෙයිනි.
එදා මහා බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් මහතාය.
දේශප්‍රේමියා