පංච කල්‍යාණිය

මෙතරම් සෙනඟක් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණියේ පෞද්ගලික එෆ් එම් නාළිකාවේ ප්‍රසිද්ධ නිවේදකයෙකු උත්සවය මෙහෙයවීමට පැමිණි නිසාය. උත්සවය අවසානයේ පැවති ත්‍යාග ප්‍රධාන අවස්ථාවට ආරාධනා  ලැබූ ශීලවන්ත විහාරාධිපති හිමියෝ උපේක්ෂා සහගතව නිහඬව වැඩ සිටියහ.ත්‍යාග ප්‍රධානයේ අවසාන අංගයවූ පංච  

කල්‍යාණියන්ට ත්‍යාග ප්‍රධානය කිරීමට ඒ සඳහා තේරී පත්වූ තරුණියන් තිදෙනා වේදිකාවට කැඳවූ නිවේදකයා වේදිකාවෙන් පහල වැඩසිටි විහාරාධිපති හිමියන් වෙත පැමිණ 

“ගෞරවණීය ස්වාමීන් වහන්ස පංච කල්‍යාණියක් යනු කවරෙක්ද? යි විමසීය.

“ නිවේදක මහතාණනි, මේ ගැන මට තියෙන්නේ පොදු උත්තරයක්. මනුෂ්‍යයා යනු ආහාර, ජලය, වාතය, ඖෂධ යනාදිය සෙම්, සොටු, දහදිය, කබ, කඳුළු. මළ මුත්‍ර බවට පත් කරන ස්වාභාවික වස්තුවක්. පංච  කල්‍යාණියත් එසේමයි.” හිමියෝ වදාළහ.

‘ඔව් ඔව් පංච  කල්‍යාණියක් කියන්නේ ස්වාභාවික වස්තුවක් බවයි අප හිමියෝ ප්‍රකාර කර සිටියේ. ඉතින් ඒ වගේ වස්තුවක් හිමි ඔබේ ගමේ උදවිය කෙතරම් වාසනාවන්තද”? නිවේදකයා මොරදෙත්ම ඇතැමෙකු අත්පොලසන් සහ විසිල් හඬ නැගූහ.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

More Posts

Popular Categories

Latest Posts

169675379_10225061704438614_2916904755295385553_n (1)
ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්
Screen Shot 2023-05-26 at 13.27
බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ...
Beethowan 1 (1)
හඬ නොඇසෙන මහා සංගීතවේදියා
Mix friut &baked merignue in Pineapple busket (1)
ඔබේ නිවසේ විශේෂ අවස්ථා සඳහා සරල අතුරුපසක්! - සූප විනෝදය

Contact Details

Social Media

Send us your ideas

© 2022 All rights reserved by Sannasa Media Group

Tell Us Your Idea About Sannasa