උපතින්ම රුචික යෝගය ධර්ම කර්මාධිපති යෝගය මාලවී යෝගය ගුරුහංස මහා පුරුෂ යෝගය හා භද්‍ර යෝගය ගජකේශරී යෝගය හා පරිවර්තන යෝගය වැනි ඉතා බලවත් පංච මහා පුරුෂ යෝග හිමි හා විපරිත රාජ යෝග හා නීච භංග රාජ යෝග හිමි උත්පත්ති ලබා මෙලොව බිහි වූ උතුම් පුද්ගලයින්ට හා උපතින්ම පාරම්පරිකව ලබා ඇති උච්ච ග්‍රහයන්ගේ බල මහිමයෙන් ලබන රාජ්‍ය තාන්ත්‍රික බලය නිසා යම්කිසි පුද්ගලයන්ට උපතින් දුගී උවත් ධනවත් වුවත් තම දසා කාලය හා තමා ජීවත්වන රටේ ග්‍රහ බලය ද ලබාදී රජ කෙනෙකු හෝ රාජ්‍ය නායකයකු වීමේ භාග්‍ය ලැබේ.
ඒ අනුවම උච්ච බලය පිරිහීමෙන් හෝ තම කාලයේ දී කළ අකටයුතු පංචශීලයට විරුද්ධව ක්‍රියා කිරීම රට රාජ්‍ය ආදායම් සොරකම් කිරීම දුගී දුප්පත් ජනතාව තාඩන පීඩනවලට ලක් කිරීම රට පාවා දීම තම අසරණ ජනතාව විවිධ කාලවලදී රැවටීම වැනි ක්‍රියා කිරීමෙන් එම රාජ්‍ය බලය හිමි වාසනාව අවාසනාවකට පත්වී එම රටේ පොදු ජනතාවගේ දුක් ශාපය බලපා හදිසියේම බෝම්බයකට වෙඩි උණ්ඩයකට හෝ සාපරාධී හේතුවක් මගින් අඩු ආයුෂ කාලයකදී ජීවිතය අහිමි වීමට හේතු කාරණා වේ.
ආත්ම ගණනාවක් ම කරන ලද පෙර කුසල් බලය නිසා උගත් නූගත් උස මිටි කුලය බලය ජාතිය උපන් දේශය පළාත නොසලකා රජ සැප ලබා දෙන රාජ යෝග හිමි පුද්ගලයා තම කාලය තුළ ධාර්මිකව රට රාජ්‍යයට අවංකවම සේවය කිරීමෙන් දීර්ඝායුෂ ලබා තම පරම්පරා හතකට කුසල් හිමිකර දෙමින් ජීවත් වී සතුටින් මෙලොව අතහැර ගිය රාජ්‍ය නායකයන් ලොව පහළ වී ඇත.
මීට අමතරව රුචක යෝගය හිමි රාජ්‍ය නායකයෙක් ජනතාව තලා පෙලා බියගන්වා යුද හමුදාව හා සාහසිකයන් ලවා තාඩන පීඩනයට ලක් කර රජයේ ආදායම වංචා සහගතව සොරකම් කරමින් තම පවුලේ සාමාජිකයන් මිතුරු මිතුරියන්ට බෙදාදීමෙන් පාලනය කරමින් කාලය ගෙවා හදිසියේ සාහසිකයන් අතින් ඝාතනයට ලක්වේ. එසේ නැත්නම් ක්ෂණිකව රාජ්‍ය පාලනය අහෝසි වී සිරගත වේ. ආර්ථික අහේනියකටද පත්වීමට හැකි ය.
ගුරුහංස මහා පුරුෂ යෝගය හිමි නායකයින් විසින් රටේ ජනතාව ආගම ධර්මයට යොමු කර මත්පැන් මත්කුඩු දුරාචාරය සොරකම් හා ස්ත්‍රී දූෂණ ,තාඩන පීඩන වලින් ජනතාව මුදවා තම රාජ්‍ය ආහාරපාන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සුඛිත මුදිත කර සියලුම ධනවත් හා දුගී ජනතාවට සේවය කරමින් රටට සේවය කරයි. එහෙත් ඉතා ඉක්මනින් රට සෞභාග්යව පෝෂිත වීම දැකබලා අසතුටට පත් විරුද්ධ පාක්ෂිකයන් හා අසල්වැසි නායකයින් විසින් කුමන්ත්‍රණය කර ඝාතනයකට හෝ රාජ්‍ය තන්ත්රයේ පලවා හැරීම පිළිබඳව රජ දවස සිට මේ දක්වා අපට දැකිය හැකි විය.
මාලවී යෝගය හිමි රජවරුන් හා රාජ්‍ය නායකයින් බිහි වූ කාල වලදී නිතරම උත්සව පිළිගැනීම් පෙරහර දන්සල සංගීත සංදර්ශන චිත්‍රපට රට රාජ්‍යය පුරා මහා මාර්ග පද්ධති සාදා නව වාහන ආනයනය කර දුගී දුප්පත් ජනතාවට හා ධනවත් අයට ඉතා සතුටින් කාලය ගෙවීමට මග පාදා තමාද රජෙකු ලෙස දේශ දේශාන්තර යේ සංචාරය කරමින් සැප ලබන රාජ්‍ය නායකයින්ද ලොව පාලනය කර එයට අකමැති හා රට තුළ දියුණුව කැමති අය විසින් රාජ්‍ය නායකයින් ඝාතනය කර අවස්ථාද ඇත.
ගජ කේශර යෝගය භද්‍ර මහා පුරුෂ යෝගය හා යස යෝගය වැනි බලවත් යෝග හිමි රාජ්‍ය නායකයින් ද තවත් සමහර අයට යෝග කීපයකින් රාජ යෝග ධන යෝග හා බල යෝග පිහිටීම නිසා ලොවපුරා නාමය ප්‍රචලිත වීම නිසා රටට ද ජාතියට ද සේවය කළ ජන නායකයින් ද මෙලොව පහළ වී ඇත.
න් අප විසින් හදිසි අනතුරු නිසා අභාවප්‍රාප්ත වූ ජන නායකයින් ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර බලමු.
