අද ආලින්දයට අප ආරාධනා කලේ ශ්‍රී ලංකාවේ ගායන ක්‍ෂේත්‍රයේ නැගී එන තරුවක් වන මියුරු සංගීත් තරුණ සංගීතවේදියාට
ආයුබෝවන් සංගීත් මල්ලී
ආයුබෝවන් අයියා
මල්ලිගෙ කොහෙද ගම පළාත ඉස්කෝලේ ගියේ එහෙම?
මම ගම්පහ දිස්ත්‍රික්කයෙ කිරිඳිවැල, මම ඉස්කෝල තුනක ඉගෙනගෙන තියෙනවා.මුලින්ම ගියෙ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයට. ඊළඟට ඌරපොල මධ්‍ය මහා විද්‍යාලයය. උසස් පෙළ කලේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් . ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. උපාධිය අවසන් කලේ 2018 වර්ෂයේ. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලය තුළදී මම ශබ්ද ඉංජිනේරු විද්‍යාවත් (Audio Engineering) සංගීතයත් ඉගෙන ගත්තා. සංගීත නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ඉගෙනගත්තා. තව මගේ ගායන හැකියාවත් එතනදී දියුණු කරගන්නට පුළුවන් වුණා. එතෙන්දි මට කසුන් කල්හාර මහත්මයත් මැක්සි රොසයිරෝ මහත්මයත් උදව් වුණා.
ඒ කියන්නේ මුල ඉඳලම මල්ලිට ගායන හැකියාවක් තිබිල තියෙනවා.ඒක පවුල් පරිසරය තුළින් ආපු දෙයක්ද ?
ඔව් මගේ අම්මට හොදට සින්දු කියන්න පුළුවන්.මම හිතන්නෙ මගේ අම්ම ගයන ගීත වලට සවන් දීමෙන් ලද පන්නරය තමයි මගේ මේ ගමනට අත්වැල . විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට Sense of Legato කියන ශබ්දාගාරයේ (Studio) වැඩ කරන්න ලැබුණා.මේ වනවිට ශබ්දාගාරය මට අයිති එකක්.එකෙ අපි සිංදු , චිත්‍රපට පසුබිම් සංගීතය ආදී දේවල් කරනවා.
මල්ලිගෙ පවුලේ විස්තර කිව්වොත්?
මගේ තාත්ත නාවුක හමුදා නිලධාරියෙක්. අම්ම ගෘහණියක්. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.ඒ අය ඉගෙනගන්නවා.
මල්ලිගේම ගීත කීයක් මේ වන විට කරල තියෙනවද?
මගේම ගීත දහයක් කරලා තියෙනවා.වස්සානෙ සිහිනය කියන ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒතුළින් මම තවත් උනන්දු වුණා. .මගේ රසිකයන්ගෙන් එන ප්‍රතිචාර මා හැමවිටම ඉතා උතුම් කොට සලකනවා. මගේ සංගීත ගමනේ අත්වැල මගේ දයාබර රසිකයින්ම තමා. අම්මත් මගේ ලඟම යාළුවෝ දෙතුන් දෙනෙකුත් මගේ ඉදිරි ගමනට ගොඩක් උදව් දුන්න.මම වැඩි හරියක් කරලා තියෙන්නෙ Cover song මාදිලියේ ඒවා. ඒවාට සංගීතය සපයල තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.ඉන් සමහරක් මිලියන හතරහමාරකට වැඩිය අන්තර්ජාලය හරහා නරඹලා තියෙනවා.
තව ඉදිරියටත් මල්ලි දැනට කරපු වැඩ මුදා හරින්නට තියෙනවද?
ඔව් දැනටමත් කරපුව තුනක් නිකුත් වෙන්නට තියෙනවා.
මල්ලි චිත්‍රපට, ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවද?
කෙටි චිත්‍රපට කිහිපයක මම වැඩ කරලා තියෙනවා.2021 සුදු අලි කියන කෙටි චිත්‍රපටියේ මට හොඳම ශබ්ද සැකසීම (Sound designing) වෙනුවෙන් සම්මානයක් ලැබුණා. අපි කෙටි චිත්‍රපට වල වැඩ සැහෙන්න කරනවා.සම්මත දිග චිත්‍රපටි වල නම් තවම වැඩක් හම්බවුණේ නැහැ. ලැබුණොත් අපට කරන්න පුළුවන්.ටෙලි නාට්‍යයක කළා. තවම තිර ගතවෙලා නැහැ.ඒකෙ නම ලොක්කයියා.
මල්ලිගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ගායකයෙක්, සංගීත නිර්මාණකරුවෙක් ලෙසට කටයුතු කරන්නට තමයි ඉදිරියටත් බලාපොරොත්තුව.
මොන මොන වාද්‍ය භාණ්ඩ මල්ලිට වාදනය කරන්න පුලුවන්ද?
ගිටාර් එක කී බෝර්ඩ් එක වාදනය කරන්න පුළුවන්.ඒකෙන් ගිටාර් එක මම සැහෙන්න දුරට ඉගෙනගෙන තියෙනවා.
මල්ලි සංගීත ක්‍ෂේත්‍රයේ ලොකු වැඩ කොටසක් කරලා තිබුණත් අපට ප්‍රසංග වේදිකාවේ දකින්නට ලැබෙන්නේ නැහැ.මොකද ඒ?
ඉදිරියේ ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබිල තියෙනවා. ළඟදීම අයියට දකින්නට පුළුවන් වෙයි. තාම විදේශ රටක ප්‍රසංගයකට නම් ආරාධනා ලැබිල නැහැ. ලැබුණොත් භාර ගන්නවා.
ආලින්දයට ගොඩවීම සම්බන්ධව මල්ලිට ගොඩක් ස්තුතිවන්තවෙමින් මා ඔබෙන් සමුගන්නවා.ආයුබෝවන්!
මේ අවස්ථාවට මාව කැඳවීම සම්බන්ධව අයියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම මා මිත්‍ර සුමේධ මිහිරාජටත් මාව ආලින්දයට කැඳවාගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙනවා.
ආයුබෝවන් අයියේ.
සාකච්ඡා කලේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ