මෙය මිශ්‍ර පලතුරු සමඟ ස්පොන්ජ් කේක් කැබලි මිශ්‍ර කර, අන්නාසි වලට මෙරිංගු එක් කරගෙන පහසුවෙන් සාදා නිම කරගත හැකි, ඔබේ ආදරණීයය්න් වෙනුවෙන් විශේෂ අවස්ථා වලදී පිළිගැන්විය හැකි රසවත් අතුරුපසකි.
මෙරිංගු වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදු මද ග්‍රෑම් 100 යි
- 115c දක්වා උණු කරගත් සීනි ග්‍රෑම් 200යි (මෘදු බෝල අදියරයේදි ලිපෙන් බා ගත්)
සාදන ක්‍රමය
- ජලය ස්වල්පයක් එක් කරගෙන සීනී ලිපේ තබා 115c වන තෙක් උණු කරගන්න.
- බිත්තර සුදු මද ගසා උණු කරගත් සීනි එකතු කරන්න.
- මෙම මිශ්‍රණය මෘදු ක්‍රීම් මුදුන් (stiff peaks) ඇති වන තුරු හොඳින් බීට් කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්පොන්ජ් කේක් කැබලි
- පාන් කුඩු
- මෙරිංගු
- මිශ්‍ර පලතුරු (මේ සඳහා ඔබට කැමති පළතුරු වර්ග කිහිපයක් තෝරා ගත හැකියි)
- හැන්දෙන් මදය හාරා ඉවත් කරන ලද අන්නාසි ගෙඩි භාගයක් (Pineapple bowl)
සාදන ක්‍රමය
- මෙරිංගු පදමට සාදා ගත් පසු එයට, ඔබ තෝරාගත් මිශ්‍ර පලතුරු කැබලි, ස්පොන්ජ් කේක් කැබලි, සහ පාන් කුඩු මිශ්‍ර කරගන්න.
- ඇතුළ හාරා ඉවත් කළ අන්නාසි ගෙඩිය තුළ මෙම මිශ්‍රණය අතුරා නිසි ලෙස සකස් කරගන්න.
- මෙරිංගු සාදාගෙන නිම වූ පසු මෙම අතුරනය මත සාදා ගත් ගොට්ටකින් මෙරිංගු මිශ්‍රණය හැඩයට pipe කරගන්න.
- රන් දුඹුරු පැහැයක් ගන්නා තෙක් ගෑස් පන්දමක් හෝ උඳුන තුල මෙරිංගු පුළුස්සා ගන්න.
- චොකලට් චාඩ්, ආහාරයට ගත හැකි මල්, නැවුම් පලතුරු ආදියෙන් මෙම අතුරුපස ඔබට කැමති ආකාරයකට සරසා අමුත්තන්ට පිළිගැන්විය හැකියි.
රුවන් මෙන්ඩිස් ( රුවි ) විසින් දිගහැරෙන Amazing Desserts