ඇමති – ගුරුන්නාන්සේට පුළුවන්ලු නේද කේන්දරේ බලල පෙර ආත්මෙ ලබන ආත්මෙ එහෙමත් කියන්න නේද?
ගුරුන්නාන්සේ – කෝ මෙහාට ගන්න බලන්න ඇමැතිතුමාගෙ කේන්දරේ , මේ කේන්දරේ හැටියට පෙර ආත්මෙ ඇමතිතුමා ගොඩක් පින් කරලා තියෙනව. ඒකයි මේ ආත්මෙ ඔය ඇමති පදවි එහෙම ලැබුණේ.
ඇමති – මට ගිය ආත්ම වැඩක් නෑ.මට ලබන ආත්මෙ විස්තර කියන්න ගුරුන්නාන්සේ. මං මේ ආත්මෙ ගොඩාක් පින් කරල තියෙනව. දුප්පත් මිනිස්සු සිය ගණනකට ගෙවල් හදල දුන්න. පිපාසෙන් හිටපු මිනිස්සුන්ට ජල ව්‍යාපෘති හදල දුන්න. ඉස්කෝල වලට ගොඩනැගිලි හදල දුන්න. ගමේ පාරවල් හදල දුන්න. මිනිස්සුන්ට වැසිකිළි කටවල් ටකරන් බෙදුව.
ගුරුන්නාන්සේ – අපෝ ඇති! ඇති!! ඇමති තුමා, ඔය හැම එකකින්ම සීයට හැත්තෑවක් කොමිස් ගහල තියෙනවනෙ. ඒවා ඔක්කොම වැටෙන්නෙ හොරකම් වලට. ඒක නිසා කල්ප හතරක් විතර අපායෙ ඉඳල එන්න වෙයි.
ඇමති – හපොයි දෙයියනේ මම සීයට තිහයිනේ කොමිස් ගත්තෙ, සීයට හතළිහක් මගේ වටේ හිටපු එවුන් අරගෙන.
ගුරුන්නාන්සේ – ඕකට තමයි කියන්නේ ගුරුවරය හිටගෙන මුත්‍රා කොරනකොට ගෝලයො දුව දුව මුත්‍ර කොරනව කියල.